Colombo Today Local News

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිතුමා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව කථානායකතුමා පෙන්වා දෙනු ලැබූ බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ බවත්, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

හෙට (30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් එකඟවූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

යාපනය, නාවක්කුලි සිංහල ගම්මානයට ශිවාජිලිංගම් එරෙහි වේ

colombotoday

නීතිපති දප්පුල විශ‍්‍රාම යෑමට පෙරදින තනතුරෙන් ඉවත් වෙනවා – සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න

colombotoday

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

colombotoday

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අයවැය පරාදයි

colombotoday

පුද්ගලික ධනයෙන් විල්පත්තු, කල්ලාරු වන වගාව සිදුකරනු. හිටපු ඇමති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග.

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday