Covid 19

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

කොවිඩ්-19 රෝගයේ පවතින භයානක තත්ත්වය ජනතාව අවබෝධ කර ගත යුතු වන බවත්, කෙතරම් සෞඛ්‍ය අංශ ක්‍රියාමර්ග ගත්ත ද ජනතාව ඒ සඳහා සහාය නොදෙන්නේ නම් රෝගය පාලනය කරගැනීම අවදානමක පවතින බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

‘සෞඛ්‍ය උපදෙස් නිසි ලෙසටම පිළිපදින්න. සංචරණයන් හැකිතාක් අවම කරන්න. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට කළ පූර්ව දැනුම්දීමත් සමඟ මේ වන විට විශාල ප්‍රමාණයක් කොළඹින් පිටට ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පිට පළාත්වලින් රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා වුණොත් රටම වහනවා හැර වෙනත් විකල්පයක් නෑ.

මේ රෝගය ජලයෙන් හෝ මදුරුවකුගෙන් හෝ ව්‍යාප්ත වන්නේ නෑ. බෝවීම සිදුවන්නේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට. පවතින තත්ත්වය සමඟ රටම වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ.

සංචරණ සීමා පනවන්නේ රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමටයි. නමුත් මේ සංචරණ සීමාවෙන් මිදීමට වෙනත් ප්‍රදේශයකට පැන යෑමෙන් වෙන්නේ තවත් ප්‍රදේශයකට රෝගය රැගෙන යෑමක්. මෙවැනි වටපිටාවක් තුළ සෞඛ්‍ය සේවකයන්ට සිය සේවා සැපයීම සෑම අතටම විහිදුණොත් එම කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි අපහසුතාවකට පත් විය හැකියි.’

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday