Colombo Today Local News

“ඡන්දෙ තියන්න බැරිනම් ඉදල වැඩක් නෑ.. ඉල්ලා අස්වෙනවා” – මැ.කො. සභාපති

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්වේ.

2018 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමා
ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු ‘නෙත් නිවුස්’ වෙත කියා සිටියේය.

පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

එසේම, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා සම්මත වුණේ තුනෙන් දෙකක
බහුතර බලයකිනි.

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බවයි.

පළාත් පාලන මැතිවරණ ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත.

Related posts

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin

පදික මාරුවේදී යතුරුපැදියක ගැටී දැරිවියන් දෙදෙනෙක් මරුට.. ගැබිනි මවක් බරපතල තත්ත්වයේ

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉල්ලයි

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday