Colombo Today Local NewsHot NewsUncategorized

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගිය රජය විසින් පත්කළ මැකස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවෙන් චැනල් 4 වීඩියෝ පටයේ අන්තර්ගත කරුණු සත්‍යයක් බව කිසිදු අයුරකින් පිළිගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් බ්‍රිතාන්‍යයයේ චැනල් 4 නාලිකාව නිර්මාණය කළ වීඩියෝ පටයේ අන්තර්ගත කරුණු සත්‍ය බවට පරණගම කොමිසම පිළිගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ColomboToday කළ විමසීමක දී.

එම මාධ්‍ය වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් තොර බවත් පරණගම කොමිසම මගින් නිර්දේශ කර ඇත්තේ ඒ ඒ සිදුවීම් පිළිබදව මෙන්ම අදාල චැනල් 4 වීඩියෝවෙන් දැක්වෙන චෝදනා පිළිබදවත් තවදුරටත් විමර්ෂණය කළ යුතු බව පමණක් බවයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර අදාල වීඩියෝ පටය නිර්මාණය කළ කැලම් මැකරේ නමැත්තා විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබෙන්නේ පරණගම කොමිසම මගින් තමන්ගේ වීඩියෝවට රජය පිළිගැනීමක් ලබා දී ඇති බවත් වහාම ශ්‍රී ලංකවේ රූපවාහිනී නාලිකවල එය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්ය.

Related posts

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday

බස්නාහිර පළාතේ මාළු වෙළෙඳාම් ස්ථානවලත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව

colombotoday

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday