Colombo Today Local News

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

“අද එක්සත් ජාතික පක්ෂය මොලේ අමාරු කාරයන්ගේ පක්ෂයක් බවට පත් කරලා තියෙන්නේ ඒ අය චන්ද්‍රිකා මැතිණිය වගේ කල් ඉකුත්වුණු භාණ්ඩ වලින් උපදෙස් අරගෙන ආණ්ඩු බලය ගන්න ගිය නිසා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා නැවත ඒ වගේ කල් ඉකුත් වුණු භාණ්ඩ වලට රැවටෙන්නේ නෑ. නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ වගේ ප්‍රධාන පක්ෂ ගණනාවක් එකතුවෙලා අපේ සංධානගත ආණ්ඩුවක් ඉක්මණට බිහිකිරීමට අපි කටයුතු කරණවා” යැයි හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.


හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ 2019-01-07  එතුමාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතිමින්ය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.  ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ තියන්නේ බොහොම බයෙන්. රටේ වටේ ඉන්න නක්‍ෂත්‍රවේදීන් එකතුකරගෙන දේවාල ගානේ ගිහින් තමයි මැතිවරණ වලට කාලය යොදාගන්නේ. ඉතින්  ජේ ආර් ජනාධිපතිතුමාගේ ජාන තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයටත් පිහිටලා තියෙන්නේ. මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. නමුත් මැතිවරණයක් ඉල්ලපුවාම ඒකට රටේ නැති විකාර කියනවා. දැන් වයඹ පළාත් සභාවත් විසුරුවලා සෑහෙන කාලයක් ගිහින්. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට කියන්නේ තවදුරටත් රටේ මිනිසුන් මුලාකරන්නේ නැතිව මැතිවරණයකට සූදානම් වෙන්න කියලා.
ඒ වගේම අද මාධ්‍ය මර්ධනය බහුලව දකින්න තියෙනවා. මේ දේට වගකියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. ඉතිහාසයේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය මාධ්‍යට මුහුණ දෙන්න දන්නේ නෑ. අපි දැක්කා පසුගිය දවසක මහින්ද රාජපක්ෂ මහත්තයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතර ගැටුමක් නිර්මාණය කරන්න මඩ ව්‍යාපාර වගයක් ගෙනියනවා. මේ සියල්ල සැලසුම් කරන්නේ එක්සත් ජාතික පක්ෂය. අපි ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ. ජාතික  නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන පක්ෂය වගේ සියළුම පක්ෂ එකතුවීමකින් සංධානයක් ගොඩනගනවා. එතනදී  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එකට එකතුවෙලයි ජයග්‍රහණය උදාකරගන්නේ. 
එහිදී මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්ණ හමුවේ තව දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.  අද එක්සත් ජාතික පක්ෂයට කව්රුහරි එකතුවෙනවානම් ඒ කෙනාට දරුණු විදියට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. ඒ අය චන්ද්‍රිකා මැතිණිය වගේ කල් ඉකුත්වුණු භාණ්ඩ වලින් උපදෙස් අරගෙන ආණ්ඩු බලය ගන්න ගියෙත් ඒ නිසයි. ඒ නිසා අද එයාලට  කරකියාගන්න දෙයක් නැතිවෙලා ඉන්නේ. මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිතුමා නැවත ඒ වගේ කල් ඉකුත් වුණු භාණ්ඩ වලට රැවටෙන්නේ නෑ. 
එම අවස්ථාවට සහභාගී වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නීතීඥ  පියුමාල් හේරත් මහතාද මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය. අද ආණ්ඩුව උත්සාහ කරන්නේ ව්‍යස්ථාව සහ අය වැය දිනාගන්න විතරයි. වෙන කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නෑ මේ හේතුවෙන් ජනතා පරමාධිපත්‍ය වගේම රටේ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ. රටේ සැබෑ අවශ්‍යතාවය ආණ්ඩුවට අඳුරගෙන වැඩකරන්න බැරිනම් ජනාධිපතිතුමාට අපි කියන්නේ ඔබතුමා තීන්දු තීරණ ඉක්මනට ගන්න. බහුතරයක් නැති ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. නමුත් මැතිවරණ තියන්නේ නැතිව ජනතාව මුලා කරවනවා. ජනතාව තවත් මුලාවේ දමන්නේ නැතිව කාලය අපතේ යවන්නේ නැතිව මැතිවරණ තියන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ට කියන්න කැමතියි යනුවෙන් පැවසීය.


මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ පියුමාල් හේරත්, කුරුණෑගල ප්‍රාදේශීය සාභාවේ සභාපති අචල නිමන්ත. හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය .

Related posts

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday

මෛත්‍රී – රනිල් ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා – ඇමති හෙංචයියන් සභාපති තනතුරුවලට

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin