Colombo Today Local News

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මෙතෙක්  තිරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  

එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ද තමාට පැවැසූ බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ   විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන බවයි.  කෙසේවෙතත් එවැනි අපේක්ෂකයෙකු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ.

Related posts

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday