Colombo Today Local News

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03)දින උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (02)දින තහවුරු වූ ධීවර ව්‍යාපාරිකයකු පසුගිය දින කිහිපයේ ගාල්ල ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.

ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ එම ධීවරය ව්‍යාපාරිකයා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදිමෙන් අනතුරුව වාර්තාව ලැබීමට පෙර ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.

ඔහු සම්බන්ධතා පැවැත්වූ ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ.

ගාල්ල ධීවර වරාය කමිටුව පවසන්නේ මෙලෙස තාවකාලිකව ධීවර වරාය වසා දැමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමකට නොව ධීවර සංගම් විසින්ම ස්වේච්ඡාවෙන් ගත් තීරණයකට අනුව බවයි.

විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිතය.

Related posts

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ අද පාරට බහී…

colombotoday