Colombo Today Local News

“ගව ඝාතන තහනමට එරෙහිව මුසම්මිල්ගේ, කබීර් හෂිර්ම්ගේ උවමනාවට වැඩකරන්නේ මලික් සමරවික්‍රමයි” එජාප ප්‍රකාශකයෙක්

unp 3266ලංකාව තුළ ගව ඝාතන තහනම් කරන බවට ජනපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග දැඩි ලෙස කලබලයට පත්ව සිටින මුස්ලිම් සංවිධාන මුස්ලිම් දේශපාලනඥයන් හරහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වනවා.

ජමියාතුල් උලමා සංවිධානය අමාත්‍ය රවී කරුණානායක මහතා මාර්ගයෙන් ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට පළකල පුවත සම්බන්ධයෙන් ColomboToday.com වෙබ් අඩවිය ඇමතු රවී කරුණානායක මහතාට හිතවත් සිරිකොත එජාප මූලස්ථානයේ ලේකම්වරයකු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙලිදරව් කර සිටියා.

අදාල සිදුවීමට රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධ නොමැති බව පවසන ඔහු වැඩිදුරටත් හෙළිදරව් කළේ උලමා සංවිධානය සහ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයක් කොළඹ නගරාධිපති මුසම්මිල් සහ එජාප මහලේකම් කබීර් හෂීම් ඇමතිවරයා හමුවීමෙන් පසු ඔවුන් දෙදෙනා විසින් එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා දැනුවත් කර ඇති අතර ඔහු හරහා ජනපතිවරයා හමුවී ගව ඝාතන තහනමට එරෙහිව බලපෑම් කරන්නැයි ඉල්ලා තිබෙන බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මලික් සමරවික්‍රම මහතා හරහා අදාළ මුස්ලිම් සංවිධාන නියෝජිතයන් ජනපතිවරයා හමුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ වෙතත් ගව ඝාතන තහනම් කරන බව ජනාධිපතිවරයා උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල බලධාරීන්ට මේ වන තෙක් දන්වා නොමැති බවද සදහන්.

Related posts

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin