Covid 19

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.

කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වෛරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) දින තහවුරු කරගෙන ඇත.

එම පුද්ගලයින්ගෙන් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.

-ලංකාදීප-

Related posts

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට ත් කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 10ක්

colombotoday

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday