World

කොවිඩි 19 වෛරසය චීනයේ දී නිපදවූවක් බව ෆොක්ස් නිව්ස් පුවත් සේවය කියයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ රහසිගතව නිපදවූවක් බව තහවුරු කරගෙන ඇතැයි එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන ෆොක්ස් නිව්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි.

වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක්කර රසායනාගාරය තුළදී එය මිනිසකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කරවූ බවට එම පුවතින් චීනයට චෝදනා කර ඇත.

ඕනෑම විපතක් ඇමෙරිකාවට වඩා සාර්ථකව චීනයට කළමනාකරණය කරගැනීමට හැකියාව පවතින බව පෙන්වීම සඳහා මෙලෙස කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත කළ බවද එම පුවතේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙය ජෛව-රසායනික ප්‍රහාරයක් නොවන බවද ෆොක්ස් නිව්ස් පවසයි.

Related posts

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday