Colombo Today Local News

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් කොටි සංවිධානය පරාජය කිරීමට රජයට තීරණාත්මක සහයක් දැක් වූ රජයේ සාක්ෂිකරුවකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එනිසා ඔහුට නීතිය ඉදිරියේ වුවද සමාවක් හිමි වන බවද දිසානායක මහතා සඳහන් කළේය.

කොටි සංවිධානය තීරණාත්මක ලෙස දෙකඩ කර එහි නායක ප්‍රභාකරන් තනිකර දැම්මෙ කරුණා අම්මාන් විසින් යයිද ඔහු සඳහන් කළේය.

කොටි සංවිධානය අතහැර කරුණා ශ්‍රී ලංකා රජයේ හමුදාවට එක්වී උතුරේ යුද්දය ජය ගැනිම සඳහා විශාල වශයෙන් සහය ලබා දුන් බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

හමුදා සාමාජිකයන් 2000ක පමණ පිරිසක් අලිමංකඩදී තමන් විසින් ඝාතනය කල බවට කරුණා අම්මාන් විසින් පසුගියදා අම්පාරේදී කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී.

Related posts

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday

පාසල් සිසුවෙක් බසයක ගැටී මරුට

Admin

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්න

colombotoday