Colombo Today Local News

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුළු පිරිස සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද උදෑසන තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

කුණුකන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පහරකෑ පුද්ගලයන් අතර එම ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ ද ඇතුළත්.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ඊයේ කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. අනතුරුව, එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයෙකු පැමිණ සඳහන් කළේ මෙම ගැටලූව විසඳීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බවයි. නමුත්, විසඳුම් ලැබෙන කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකිරීම හේතුවෙනුයි විරෝධතාවයේ නිරත පිරිස සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කළේ.

Related posts

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

colombotoday