Colombo Today Local News

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

කළුතර බන්ධනාගාර තාප්පයට ඉහළින් හෙරොයින් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එහිදී එම සැකකරුවන් දෙදෙනා සතුව තිබි ජංගම දුරකතන 2ක්, චාජර් 2ක්, හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 500ක් සහ දුම්කොළ 19ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 730ක් සොයාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා අද (15)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙන ඒම මේ වන විට පාලනය කර ඇති බවය.

එමෙන්ම, බන්ධනාගාර තාප්ප වලින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරතුළට විසි කිරිම මේ වන විට නිලධාරින් මුහුණ දෙන විශාලම අභීයෝගය බව ඔහු පවසයි.

එම ක්‍රියාවන් වැලැක්විම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළීවෙලක් ක්‍රියාවට නංවා ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

Related posts

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

බුර්කා සඳහා වන මෝඩ තහනම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි. | කොටින්ට ඔක්සිජන් දුන් “හියුමන් රයිට් වොච්” අන්තවාදීන්ට පක්ෂව ජනපතිට පහර දෙයි.

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday