Colombo Today Local News

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙක් අද (11)දින මියගිය බව මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ. මහේන් නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.

ටයිල් කැට නවය බැගින් ස්වයංක්‍රීය වූ ඔසවන යන්ත්‍ර කොටසකට ඔහුගේ හිස සිර වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා වෙනත් ස්ථානයක සේවය කරන අතර ටයිල් කැට මත සිට විවේක ගනිමින් සිටියදී ඔහුට නින්ද ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර දුටු ආරක්ෂක නිලධාරීහු වහා ක්‍රියාත්මක වූ සෙසු පුද්ගලයන් සමග බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

Related posts

කරුණාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ ප්‍රතිචාරය

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday