Colombo Today Local News

කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත‍්‍රණ…

බටහිර න්‍යාය පත්‍රයකට අනුව කතානායක කරු ජයසුරිය මහතා පක්ෂග්‍රාහි ලෙස හැසිරීමට බලපෑ බව කියන සිද්ධියට මුල් වී ඇත්තේ විදෙස් නියෝජිතයින් පිරිසක් කොළඹ සුපිරි හෝටලයක පැවැත්වූ ඉතා රහසිගත හමුවකදී ගත් තීරණයක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ විදෙස් නියෝජිත පිරිස ඔවුන්ට හිතවත් තීන්දුවක් ලැබෙන තුරු ඉතා රහසිගත ලෙස මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා එම හෝටලයේ පැවැති හමුවේදී ගිවිස ගෙන තිබේ.

ඒ අනුව අදාළ විදෙස් නියෝජිත මෙහෙයුම ලබන 07 වැනිදා උසාවි නියෝගය ලැබෙන තෙක් ඊට බලපෑම් එල්ල කෙරෙන අයුරින් මෙහෙයවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් රිවිර ඉරිදා සංග්‍රහයට වාර්තා විය.

එම විදෙස් නියෝජිත පිරිසට කොටි හිතවාදී දෙමළ ඩයස්‍පොරාවේ පිරිසක්ද ඇතුළත්ය. ඔවුන් අදාළ හමුවේදී ගත් තීරණ පසුගියදා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී ලෙස හැසිරී තිබෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු හමු වී වෙනමම පවසා ඇත.

ජාත්‍යන්තර වශයෙන් රටට බලපෑම් එල්ල කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම විදෙස් නියෝජිත පිරිසේ ඉලක්කය වී තිබේ.

අදාළ තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් පවතින මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් දැන සිට ඇති අතර එක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට දුන් හඬ පටයකින් මේ බව අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තුව කැඳවූ පසුගිය 14 වැනිදා පටන් ඒ සෑම සැසිවාරයක් සඳහාම තානාපතිවරුන් පාර්ලිමේන්තුවට කැඳවීම, ඔවුන්ට සභා ගර්භය වීඩියෝ කිරීමට සැලැස්වීම සහ සෑම දිනකම පාර්ලිමේන්තුවේ සිදුවන දෑ වාර්තා කරමින් ජාත්‍යන්තරයට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමද අදාළ මෙහෙයුමට අනුව සිදුව ඇත.

මේ අතර දැනට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව රටවල් කිහිපයක් සමීපව අධීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව පසුගිය සිකුරාදා වන විට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය සහ ජපානය ඇතුළු රටවල් ඒ අතර වේ.

ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පසුගියදා සිංගප්පුරුවේ පැවැති ජාත්‍යන්තර හමුවකදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඉෂාර රත්නකාර, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, ප්‍රබෝධා හෙට්ටිආරච්චි
– rivira

Related posts

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday