Colombo Today Local News

ඒලියන්ත වයිට් විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි. | මැති ඇමතිවරු පැන් කළ ගංගාවලට මුදාහරී..

මේ වනවිට රට පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇති බව මව්රට වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගගටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගගටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගගටද මුදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ ආකාරයට ඒලියන්ත වයිට්, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සදහා විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවලට මුදාහරින වීඩියෝ කිහිපයක් ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර ඇත.

Related posts

ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධූරයට වෛද්‍යවරයෙක්

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday