එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාර කරුවන් පිරිසක් සහ සමගි ජන බලවේගය ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් තංගල්ලේ දී සිදුවී තිබේ.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට දි ඔහුගේ රියදුරුට පහර දී ඇත.
පහර දීමේ චෝදනාව එල්ල වන්නේ සමගි ජන බලවේගය අපේක්ෂක දිලිප් වෙදාරච්චි මහතාටයි.
පහර කෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ ප්රහාරය දිලිප් වෙදාරච්චි මහතාගේ ආධාරකරුවන් පමහර දුන් බවයි.
නමුත් දිලිප් වෙදාරච්චි මහතා එම චෝදනා ප්රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තමා ආධාරකරුවන් දෙදෙනෙකු දෙපා උඩින් වාහනයක් ධාවනය කර ඇති බවයි.