Covid 19World

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

එළඹෙන ඔක්තෝබර් මැද වනවිට එක්සත් රාජධානියේ දෛනිකව කොවිඩ් -19 ආසාදිතයින් 50,000ක් පමණ හමුවිය හැකිබවට එරට ප්‍රධාන විද්‍යා උපදේශකවරයා අනතුරු අඟවයි.

ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් පැවසුවේ ඉන්පසුව දෛනිකව 200 දෙනෙක් පමණ මරණයට පත්වීමට ද ඉඩ ඇති බවය.

මේවන විට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් පියවර ගත යුතුද යන්න පිළිබඳ ව අගමැති බොරිස් ජොන්සන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ද පැවසේ.

එක්සත් රාජධානියෙන් ඊයේ (20)දින කොවිඩ් -19 ආසාදිතයින් 3,899ක් සහ මරණ 18ක් වාර්තා වී තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin