Colombo Today Local News

උතුරෙන් දැවැන්ත ජන ගගක් කොළඹට… කොටි සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙයි…

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය අවසන් වූ වහාම විශාල පිරිසක්‌ උතුරේ සිට කොළඹට රැගෙන විත් දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස නිදහස්‌ කරගැනීම පිණිස දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

“දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු” යනුවෙන් සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් 8 දා දහවල් සංවිධාන කරන ලද විරෝධතා ස්‌ථානයට පැමිණි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිචාරය පිළිබඳව කිසිසේත් සතුටු විය නොහැකි බවයි.

මේ නිසා දෙමළ ජාතික සන්ධානයත් මේ ප්‍රශ්නයට සහාය දක්‌වන දෙමළ හා සිංහල දේශපාලන පක්‍ෂවලත් සහාය ලබාගෙන කොළඹදී දැවැන්ත විරෝධතාවක්‌ දක්‌වා රජයට විශාල බලපෑමක්‌ කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම විරෝධතාව සංවිධාන කිරීම සඳහා එකම බාධාව වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය බව කී මන්ත්‍රීවරයා එය ඉතා ඉක්‌මනින් පහව යනු ඇතැයි යන විශ්වාසය මත විරෝධතාවයේ සංවිධාන කටයුතු මේ දිනවල සිදු කරගෙන යන බවද කියා සිටියේය.

Related posts

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

colombotoday

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී 100ක්.. පාළාත්සභා මන්ත්‍රී 200ක් සමග බැසිල් වෙනසකට මුලපුරයි !

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday