Colombo Today Local NewsCovid 19

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටී.

” මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ජාසිංහ මහතා සදහන් කළේ.

ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

https://youtu.be/BEuLdnCLVFE?t=8

Related posts

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

colombotoday

පොහොට්ටු පක්ෂය හැදුවොත් පාරේ ඇවිද්දනවා කියූ සිරිසේන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ රෙද්දක් ඇදගෙනද – මන්ත්‍රී සිඩ්නි ජයරත්න

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday