Colombo Today Local News

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද හෙතෙම පවසයි. ඔක්තෝබර් මස 30 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව ගිය රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දේපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.

රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කරණ තෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සදහන් කළ වසංගත රෝග විද්‍යාඥවරයා බන්ධනාගාර පොකුර සමාජගත නොවී පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග එක්වී මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

මෙරට මුස්ලිම් ගැටළු ගැන සෞදි රජයට පැමිණිළි කරයි

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ රාජපක්ෂලාට එරෙහි පෙත්සම් විභාගයට අවසර

colombotoday

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin