Colombo Today Local News

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තා අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 2.9ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

පසුගිය 2017 වසරේ තෙවැනි කාර්තුවේදී මේ අගය 3.2%ක් ලෙසින් වාර්තා වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ තෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,431,627ක් බවත් පසුගිය වසරේ තෙවැනි කාර්තුවේදී මේ අගය රුපියල් මිලියන 2,362,698ක් බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කරන සහනාධාර අඩු කළ බදු, මේ වසරේ තෙවන කාර්තුවේ පවතින මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් 7.5%ක්, 27.4%ක්, 56.8%ක් සහ 8.3%ක් ලෙස වාර්තා වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(මව්බිම)

Related posts

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

Admin

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

colombotoday

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

සයිටම් එකට විරුද්ධව රටපුරා දොස්තරලා අද වර්ජනයේ.. කොළඹදී දැවැන්ත විරෝධතාවක්

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday