Colombo Today Local News

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා වෙයි.

නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකිය.

Related posts

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

රනිල්ගේ ව්‍යවස්ථා කොහොල්ලෑ ගුලියේ ඇලිලා මහින්ද සුළු ජාතික ඡන්ද නැති කර ගන්නවා.

colombotoday

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව අද මැතිවරණ කොමිසමට

colombotoday

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

colombotoday

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin