Uncategorized

අැඹිලිපිටිය පොලීසියේ ජඩ වැඩ CCTVයෙන් එළියට.. ඝාතනයට ASP සම්බන්ධ බවට සාක්ෂි!

ambilipitiya poloice attack
ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක්කි ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

වත්මන් රජයේ පාලනය යටතේ පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වාර්තාවූ බිහිසුණුම සිදුවීම මෙය බවට සැලකේ.

නගරයේ අසළ ගොඩනැගිල්ලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ආශ්‍රයෙන් හඳුනාගත් සිද්දිය ඇසින් දුටුවන් කිහිපදෙනකු මේ වන විට පොලිස් ප්‍රශ්න කිරීම් වලට යොමුකර තිබෙන අතර ඔවුන්ගෙන් ලද තොරතුරු වලින් සැබෑවටම සිදුවූයේ කුමක්දැයි යන්න පිළිඹද පැහැදිලි අදහසක් ලබාගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පිරිසක් පැමිණ, සාදය පැවැත්වුණු මෙන්ඩිස් නම් වන මෙම ගොඩනැගිල්ලේ සිටි නිරායුධ පුද්ගලයින්ට පොලු වලින් පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක් කියා ඇත.

නිරායුධ පුද්ගලයින් දෙදෙනකුට ඉතාම දරුණු ලෙස පහරදී පොලිස් ජීප් රියට දමාගත් බවටද එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න හා මූලස්ථාන පොලිස් පරික්ෂක ඩයස් ගොඩනැගිල්ලේ සිටි බවටද තොරතුරු ලැබී තිබේ.

‘‘ එක පොලිස් නිලධාරියෙක් පඩිපෙළ බැහැගෙන මම හිටපු තැනට ආවා.ඔහුත් එක්ක තවත් පොලිස් නිලධාරීන් අටක් හෝ දහයක් පමණ සිටියා.‘‘ මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ වලදී සිද්දිය ඇසින් දුටු තවත් අයෙක් කියා ඇත.

‘‘ (ඒ.ස්.පී.) කෙනෙක් තල්ලු කළා.කුඩේ කුඩු.මැරිලා වගේ කියලා ඒ නිලධාරියා කෑ ගැසුවා‘‘ ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වෙනත් මෝටර් රථයකින් පැමිණි ඒ.එස්.පී. ප්‍රහාරය මෙහෙයවූ බවද ඔහු ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත.

සිද්ධිය ඇසින් දුටු මෙම පුද්ගලයාගේ දිව්රුම් ප්‍රකාශය මේ දක්වා අනාවරණයව ඇති තොරතුරු සමග ගැළපෙන බව පොලිසිය පවසයි.

ගැටුම ආරම්භවීමට හා අනෙක් සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ලබාදී ඇති තොරතුරු සාවද්‍ය බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිලධරයින් සොයාගෙන තිබේ.අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමක් ගැන විමර්ෂණය කිරීමට ගිය බව පොලිසිය කියා ඇතත් එය තහවුරු කිරීමේ සමත් සාක්කියක් මේ දක්වාම සොයාගැනීමට හැකිවී නොමැත.ගැටුම අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි අය පවසනුයේ ගැටුම ආරම්භ වූයේ මත්පැන් ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග බවය.

පොලිසිය පහරදෙන අයුරු බැලීමට 100 – 150 ත් අතර පිරිසක් රැස්ව සිටි බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බ්‍රහස්පතින්දා පැවති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ පෞද්ගලික සාදයකට පොලිසිය අනවසරයෙන් ඇතුළු වීමට ගත් උත්සාහය වැළැක්වීමට මියගිය පුද්ගලයා කටයුතු කළ නිසාවෙන් ඔහුට පහරකෑමට ලක්ව ඇති බවයි.

ගැටුම ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස පෙනී යන්නේ පොලිස් නිලධරයින් මත්පැන් ඉල්ලා සිටීමත්,ඔවුන් ඉල්ලා සිටි වර්ගයේ මත්පැන් ලබාදීමට සාදය සංවිධානය කර තිබූ පුද්ගලයින්ට නොහැකි වීමත් බව යැයි අමාත්‍යවරයා පැවසීය.

‘‘ ඒ වෙලාවේ ඒ ගෙදර බෝතල දෙකක් තිබුණානම් මරණයක් වෙන්නේ නැහැ.පොලිසියට දොස් අහන්න වෙන්නෙත් නැහැ.මගුල්ගෙවල් වගේ උත්සව වල අරක්කු හිඟාකන එක ඇඹිලිපිටිය පොලිසියේ සුලභ දෙයක්‘‘ යැයි නගරයේ ප්‍රධාන වෘත්තිකයෙක් පැවසීය.

Related posts

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

ඩ්‍රෝන යානයකින් රත්නපුර නගරය ඡායාරූපගත කළ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට… සහරාන්ගේ සගයන් බවට තොරතුරු….

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday