Colombo Today Local News

“අපිට 113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි?” – වෙල්ගම ප්‍රශ්න කරයි.

113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.

‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත්  පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.

අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘

Related posts

වව්නියාව බන්ධනාගාරයට පනවා තිබූ සංචරණ සීමා ඉවතට

Admin

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

අද ඩොලරයේ මිල

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday