Colombo Today Local News

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා  (28) ඇප නියම කළේය.
 

රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.
 
ඇපකරුවන්ගෙන් එක් අයෙකු ලඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
 
මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන මෙම සිද්ධියට අදාළව වසර 3 ½  කට අධික කාලයක් රිමාන්ඩ්  බාරයේ පසුවන මොහොමඞ්  මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.
 
2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 ½ කට අධික කාලයක් මොහොමඞ්  මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා රිමාන්ඞ් බාරයේ පසුවිය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.
 
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
 
සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා පෙනී සිටියේය.

Related posts

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

මහින්ද ගෝඨටත් වඩා ආයතන වැඩිම ගණනක් තබා ගැනීමේ වාර්තාව අනුරට

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

colombotoday