World

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

දකුණු ආසියාව තුළ කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක් වූ ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව අද (17)දින මිලියනය ඉක්මවා ගියේය.

එහි වාර්තා වී ඇති මරණ ගණන 25,619 කි.

වසංගතය ව්‍යාප්තවෙමින් පැවතියද, කාශ්මීරයේ අමර්නාත් පුදබිම වෙත යෑම සඳහා හින්දු බැතිමතුන්ට බලධාරීන් විසින් අවසර ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ආර්ථික වර්ධනයක් ‍කරා ළඟා වන පළමු රට බවට, වෛරස ව්‍යාප්තිය ආරම්භවූ චීනය පත්ව තිබේ.

සමස්ත ගෝලීය ආසාදිතයන්ගෙන් 3,690,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

ඊයේත් එරටින් ආසාදිතයන් 72,000කට වැඩි පිරිසක් හඳුනා ගැණුනි.

වසංගතයෙන් ලොව දෙවනිවට වැඩිම බලපෑම් එල්ල වී ඇති බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂ 20 ඉක්මවා ගියේය.

එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 76,822කි.

මේ අතර කොවිඩ් එන්නත් නිපදවීම සඳහා වන පර්යේෂණවලට අදාළ තොරතුරු සයිබර් ප්‍රහාර ඔස්සේ සොරකම් කිරීමට රුසියාව උත්සාහ කරන බවට එක්සත් රාජධානිය, අමෙරිකාව සහ කැනඩාව චෝදනා කරයි.

රුසියානු බුද්ධි සේවයට සම්බන්ධ ‘කෝසි බෙයාර්’ යනුවෙන් හඳුන්වන පරිගණක හැකර්වරුන් මේ පිටුපස සිටින බවට සැක පහළ වී ඇති බව වාර්තා වේ.

මේ අතර පර්යේෂණ මට්ටමේ පවතින කොවිඩ් එන්නතකින් ඖෂධ මාත්‍රා මිලියන 30ක් මේ වර්ෂය තුළ දී නිපදවීමට රුසියාව සැලසුම් කර තිබේ.

Related posts

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

colombotoday