Colombo Today Local News

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

කේරළ ගංජා බව කියමින් රුපියල් ලක්ෂ හතරකට පමණ තණ කොළ පාර්සල දෙකක් අලවි කිරීමට උත්සහ කළ යකු හා එය මිලදී ගැනීමට පැමිණි ගංජා ජාවාරම් කරුවෙකු අතර ඇතිවු ආරවුලක් හේතුවෙන්, අලවියට ගෙනා තණ කොළ පාර්සල් දෙක අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, ආලංකුළම වැව් බැම්මේ දමා ගොස් තිබියදී පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (12දා* උදෑසන සොයා ගෙන තිබේ.


ගංජා කිලෝ ග‍්‍රෑම් හතරක ප‍්‍රමාණයක් රුපියල් හාර ලක්ෂයකට අලවිකිරීමට සූදානම් වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකු අදාල ස්ථානයට ගොස් තිබෙන අතර, ජාවාරම්කරු එම උගුලට අසුනොවීම නිසා වැව් බැම්මේ දමා ගොස් තිබූ හොදින් අසුරූ තණ කොළ පාර්සල් දෙක පොලිසිය භාරයට ගෙන තිබුණි.

කේරළ ගංජා බව කියමින් පාර්සල් දෙකක් අතැතිව පැමිණි පුද්ගලයෙකු ආලංකුලම වැව් බැම්ම මතදී තවත් පුද්ගලයෙකුට අලවි කිරීමට යාමේදී එහි කේරළ ගංජා නොමැති බව තහවුරුවීමත් සමග දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබෙන බවත් පසුව පාර්සල් දෙක රැුගෙනා පුද්ගලයා එය දමා පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

අසල කුඹුරක ගොවි මහතෙකු දෙපාර්ශවය ගුටි බැට හුවමාරු කර ගෙන යම්කිසි පාර්සල් දෙකක් එම ස්ථානයේ දමා යන අයුරු දැක, එම පාර්සල් දෙක අහුලා ගෙන, එහි ගංජා ඇති බව සිතා පොලිසිය පැමිණිය හොත් ඒවා ලබාදීමට ස`ගවා තබා ඇති අතර එහි ගිය පොලිස් නිලධාරින්ට අදාල පාර්සලයන් ලබාදී තිබේ.

එම පර්සල් දෙක අතට ගත් වහාම එහි කේරළ ගංජා නොමැති බව වටහා ගත් පොලිස් නිලධාරින් එහි තණ කොළ බහා ඇති බව නිගමනය කර තිබුණි.

පාර්සල් දෙකම කේරළ ගංජා ඇසුරුම් කරන ආකාරයෙන් ඉතා හොදින් ආවරණය කර තිබූ බවත් ඒ තුල කැලෑවකින් කපාගත් මානා හා ඉලූ‍ක් අසුරා තිබූ බවත් පොලිසිය පවසයි.

පොලිස්පති නියෝගයන්ට අනුව සිදුකරන මත්ද්‍රව්‍ය වැටලිමේ මෙහෙයුම් වැඩිම නිසා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් නීතියේ රැුහැනට කොටුවීම ඇති බවත් මත්ද්‍රව්‍ය හි`ගවී ඊට ඉහළ මිලක් ලැබීම නිසා මෙවැනි ජාවාරම් ක‍්‍රියාත්මකවී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පොලිස් සැරයන් 51643 එස්.සේනාරත්න 48183 පොලිස් කොස්තාපල් එච්.බී.තිලකරත්න යන මහත්වරුන් විසින් ව්‍යාජ ගංජා පාර්සල් දෙක සොයා ගෙන තිබුණි.

Related posts

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday