Colombo Today Local News

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය අද (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට හෙට (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

Related posts

සංඝආඥාවක් නිකුත් කෙරේ… රට බෙදෙන 20 එපා… මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කරයි

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday

රනිල් අගමැතිකමින් ඉල්ලා අස්වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

colombotoday