Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූහ.
මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් , ඔහුව වහාම පොලිස් අත්අඩංගුවට ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් වෙන වෙනම ඉල්ලා සිටිති.

නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්ම මහත්මීන් මාර්ග⁣යෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ මෙසේද කියා සිටිති.

” දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා ” සේව් ද පර්ල් ” නැමැති අරමුදලේ භාරකරු වේ.මෙම අරමුදල මඟින් අනාථ දරු දැරියන්ට ආධාර උපකාර කරනු ලබයි.මේ පිළිබදව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිඥවරයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.

ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ සැකකරුවෙකු වන ඉබ්‍රාහිම්ගේ නඩු කටයුතු වලට පෙනී සිටීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර නීතීඥවරයා ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

තත්ත්වය මෙසේ තිබයදී පසුගිය 14 වැනිදා නීතීඥවරයා සිය නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නිවසට පැමිණ ඔහුට දුරකථන අංක කිහිපයක් ඉදිරිපත් කර ඒ පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.ඊට අමතරව ඉබ්‍රාහිම් නැමැත්තා ගේ කොළඹ දිසා අධිකරණයේ පවතින නඩුවක ලිපිගොනු පිලිබද විමසා නීතීඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඉන්පසුව ඊට පසුදින වූ 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නීතීඥවරයාට නියෝග කර ඇත.ඒ අනුව 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලසිටින ක්‍රියාධරයෙකු බවත් , විශේෂයෙන්ම සුළුතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකුද වේ.එසේම පසුගියදා කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට බලධාරීන් ගත් තීරණ දැඩිව විවේචනය කල අයෙක්වූ බැවින් එම තත්ත්වය මෙම අගතිදායක අත්අඩංගුවට ගැනීමට තවත් හේතුවක් වන්නට ඇතැයි කියා සිටී.

මෙසේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම නීතීඥවරයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ,නීතීඥවරයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හරින ලෙසට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

Related posts

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin

IMF විස්තීරණ ණය රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

colombotoday