Colombo Today Local News

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට නියෝග කරයි.

ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි
අවධාරණය කළේය.

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ඊයේ (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීජනාධිපතිතුමා මේ බව පැවසීය.
පොහොර ආනයනයේ දී මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි එතුමා දැනුම් දුන්නේය. ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටිති.

රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිළි කළේය. ඒ සඳහා
ගොවීන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි එතුමා කීය.

කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතී. වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුය. වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි
පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

Related posts

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

Admin