Colombo Today Local News

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

පෞද්ගලික ආයතනයක් මෙම ජලාශය ඉදි කරමින් සිටින බව මන්ත්‍රීවරු පැවසූහ.

නායයාමේ අධි අවදානම් කලාපයක් ලෙස හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු වැටිය හඳුන්වාදී ඇති බැවින්ම එම කඳු වැටිය මුදුනේ ජලාශයක් ඉදිකිරීම ඉතා අනතුරුදායක බවත් අක්කර කාලක පමණ ගල් පර්වතයක් සමග කඳුවැටියට පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරය මතට රූරා ඒමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඇති විය හැකි තත්ත්වය අමුතුවෙන් කීම අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක සල්ගාදු මහතා පැවසීය.

මේ පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපතිඋපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතාගෙන් අද (11)දින විමසූ විට මෙසේ කීවේය.

”පෞද්ගලික ආයතනයක් එම ජලාශය ඉදිකිරීම් සිදු කරනවා. සභාව මගින් මේ වන විටත් එය තහනම් කර තිබෙනවා. මේ වෙන විට යම්කිසි ප්‍රමාණයක් නිසි අවසරයකින් තොරව ඉදිකර තිබෙනවා. ජලය පුරවා නැති නිසා දැනට අවදානමක් නැහැ. අදාළ වගකිවයුතු අංශ සමඟ එක්ව ඉදිරියේදී ඉක්මන් පියවර ගන්නවා” යැයි ද සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday