අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ රාත්‍රී 9.15ට පමණ දිවයිනට වැඩම කරවනු ලැබීය. මහා සංඝරත්නය ප්රමුඛ රජයේ නිලධාරීන් විසින් දේහය භාර ගැනීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත වැඩම කරවනු ලැබූ අතර අද පෙරවරු 8ට රිය පෙරහැරකින් උන් වහන්සේ වැඩ සිටි කෝට්ටේ නාග විහාරය වෙත වැඩම කිරීමට නියමිතය.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අවසන් කටයුතු ලබන 12 වැනිදා පස්වරු 3ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිත අතර එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් නම්කර තිබේ.