Colombo Today Local News

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේද කීවේය.

කාටහරි දඬුවම් දෙන්න අවශ්‍ය නම් ආණ්ඩුවට පොලිසිය ලවා ඒක කරවන්න පුළුවන්. මෙවැනි දේ අපි මීට ඉහත අත්දැකලා තියෙනවා. රාජිත සේනාරත්න කළ දේ හරිද? වැරදිද? කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවේ මැතිවරයක් තිබුණා. ඔහුට ලැබුණු තොරතුරු අනුව ඔහු කටයුතු කළා. එහෙම නැතිව රාජිත සේනාරත්න හිතා මතා කළ දෙයක් නෙමෙයි.

මම දන්න තරමින් මේ ගැන ප්‍රකාශයක් කළ ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා අද නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව ඉතා පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂ‍ය හිටපු කෙනෙකු ලෙස එයාලා කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඉතාම හොඳින් දන්නවා. කෙනෙකුට හිරිහැර කරන්න අවශ්‍ය නම් ඒක කළ යුතු ආකාරය එයාලා දන්නවා.

මොකද මම එතන ඉඳලා ආව කෙනෙක් විදිහට මේ රජය ක්‍රියා කරන හැටි ගැන මට ඉතා හොඳ වැටහීමක් තියෙනවා. පසුගිය රජය වගේම මේක මේ රජය කළ වැරදි දෙයක්. කවුරු කළත් ඇත්ත කියන්න ඕන. වැරදි කරන්නේ නැහැ කියලා මෙයාලා ආවේ.

රාජිත සේනාරත්න මේ රටට විශාල සේවයක් කළ දේශපාලනඥයෙක්. ඒ නිසා ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් දක්වපු ක්‍රියාකලාපය ගැන අපගේ විරෝධය ප්‍රකාශ කරනවා.

Related posts

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

IMF ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday