Uncategorized

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලේ…

පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙල පන්ති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් තිදෙනකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල මැටියලමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුන් තිදෙනකු බව සදහන් වේ.

රෝහල් ගතකර ඇති සිසුන් තිදෙනාගේ හිස,අත් සහ මුහුණ පෙදෙස්වලට තුවාල සිදුව ඇති බවත් 1990 සුවසැරිය ගිලන් රථයෙන් ඔවුන් රෝහල් ගතකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරු මහත්ම මහත්මීන් බලා සිටියදීම හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදීම සිදුව ඇති බව සදහන් වේ. පහරකෑමට ලක්ව දසදෙනකුට අධික පිරිසක් සුළු තුවාල ලබා නිවෙස්වලට ගොස් ඇතැයිද සදහන් වේ.

මාපියන් දෙදෙනකු මේ වනවිට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිලි ඔස්සේ විමර්ශන සිදුකරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

Related posts

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

Admin

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

ට්‍රම්ප් ද, කමල ද ඇමරිකානු ජනාධිපතිවරණය අදයි

Admin

Isha Dolly

colombotoday