Colombo Today Local News

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

ct sirikothaColomboToday.com වෙබ් අඩවිය පිළිබදව කරුණු සොයා වහාම වාර්තා කරන ලෙස එජාප ප්‍රබලයන් විසින් එජාප මාධ්‍ය අංශයට දන්වා තිබෙන බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරසිටිනවා. එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු එජාප මාධ්‍ය අංශය කැදවා ClomboToday.com පිළිබදව තොරතුරු විමසා ඇති අතර අප මාධ්‍යවේදීන් සහ කළමනාකාරිත්වය පිළිබදව කරුණු සොයා බලා වාර්තා කරන ලෙසත් ඒ සදහා රහස් පොලීසයේ [CID]සහය ලබා ගන්නා ලෙසත් දන්වා තිබෙන බවයි වැඩිදුරටත් එම අරංචි මාර්ග පවසන්නේ.

ColomboToday.com වෙබ් අඩවිය 2005 වසරේ අරඹා ඇති අතර විටෙන් විට විවිධ පාර්ශව මගින් වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත. වසර කිහිපයක් අක්‍රියව පැවති www.ColomboToday.com වෙබ් ලිපිනය 2015 අගෝස්තු මසදී නව කළමනාකාරිත්වය යටතට පත්විය.

ඒ අනුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට දැනෙන්නට පෙර දැනගන්නට සැලැස්වීමේ මුලික අරමුණ පෙරදැරි කරගෙන ලන්ඩන් නුවර සිට 2015 සැප්තැම්බර් 1 වනදා සිට නව ආරකින් නව කළමනාකාරිත්වය යටතේ ColomboToday ආරම්භ විය.

මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ලෝක වෙබ් අඩවි වර්ගීකරණයේ පළමු ලක්ෂය තුලට පැමිණීමට හැකිවීමත් සහ කිසිදු ප්‍රචාරක උපක්‍රමයකින් තොරව ශ්‍රී ලංකාවේ පළමු වෙබ් අඩවි 200 අතර ප්‍රමුඛ පෙලේ පුවත් වෙබ් අඩවි තුලට පැමිණීමට හැකිවීමත්, ඇතැම් අවස්ථාවල ජනප්‍රිය මාධ්‍ය ආයතනවලටත් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමට හැකිවීමත් අප කණ්ඩායමේ විශිෂ්ටත්වය සදහා කදිම නිදසුනක් ලබාදෙයි.

අප විසින් පලකරනු ලබන පුවත් පිලිබදව කිසියම් විරෝධතාවයක් ඇත්නම් ඕනෑම පාර්ශවයකට එය ඉදිරිපත් කල හැකිය. අප එය සතුටින් බාරගෙන නිහතමානී ලෙස නිවැරදි කිරීමට පසුබට නොවෙමු. ජනමාධ්‍ය අචාරධර්ම පිළිපදිමින් නිරන්තරයෙන් සමබර වාර්තාකරණයක නිරතවන අප කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පාර්ශවයකට ගැති නොවන බවද සදහන් කළ යුතුය.

දේශපාලන න්‍යායපත්‍ර නොව රට,දැය,සමය පෙරමුණේ තබාගෙන ඉදිරියේදී වඩාත් වෘත්තීය පසුබිමක් තුළ,වැඩි වශයෙන් අපගේම වූ පුවත් මූලාශ්‍ර හරහා අප මාධ්‍ය මෙහෙවර පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කරමින් පවතින අතර ඉතාම කෙටි කලක් තුල අපව මෙතැනට ඔසවා තැබූ ආදරණීය පාඨක ඔබට අ‍පගේ ප්‍රණාමය පුද කිරීමටද අමතක නොකරමු.

Related posts

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

colombotoday

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

colombotoday

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

Admin

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday