Colombo Today Local News

සිගරට්වලට වඩා බීඩි හොදායි – ඇමති රාජිත

beedi-hodaසිගරට් පානය කිරීමේදී ශරීරයට සිදුවන හානියට වඩා බීඩි පානය කිරීමේදී සිදුවන හානිය අඩුබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දැනට දුම්වැටි වලට පනවා ඇති බදු ඉහළ දැමීම බීඩි ඇතුළු විකල්ප දුම්කොළ නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බීඩි නිෂ්පාදන සඳහාද බදු ක්‍රියාත්මක බවයි.

මිල වැඩි කිරීම නිසා සිගරට් භාවිතාව සහ දුම් පානය අඩුවී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.

බීඩි නිෂ්පාදනයට යොදාගන්නා අමුදුව්‍ය වලින් ශරීරයට සිදුවන හානියට සාපේක්ෂව දුම්වැටියක අඩංගු සංඝටක රැසකින් සිරුරට අහිතකර බලපෑම් එල්ලවන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ.

Related posts

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙනා ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

colombotoday