Colombo Today Local News

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම පසෙක තබා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13 දා) නියෝග කළේය. 

ඔහු යටතේ ඉගෙනුම ලැබූ තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලිකාර අධ්‍යාපන ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

 වෂීම් අහමඞ් නමැති එම සැකකරු එම ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය.

 එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ජාතික තව්හිද්් ජමාත් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් නමැත්තා විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇතිබවත් විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට කීහ.

 නීතිඥ අරවින්ද ගමගේ, ප‍්‍රගීත් මංගල, දීපාල් වන්නිආරච්චි, අමිල ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

Related posts

සහල් නැවකට සල්ලි බදී

Admin

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

‍බොන්නේ බලාගෙනයි.. කොළඹ පානීය ජලයේ අසූචි?

colombotoday