පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 8 නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් සූදානම් වන බව වාර්තා වනවා.
ඒ සදහා කෙරෙන සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ තිබෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය , ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඊට එක් වී සිටින බව පැවසෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද මෙම නව පෙරමුණට එක්කර ගැනීමටයි සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.