World

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

පාකිස්තාන හමුදා විසින් මතභේදයට තුඩු දී ඇති ජම්මු – කාශ්මීර දේශසීමාවේ දී ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජුරී දිස්ත්‍රික්කයේ, සුන්දර්බානි නම් ප්‍රදේශයේදී පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය හමුදා කණ්ඩායමක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් එක් ඉන්දීය භටයෙක් මියගොස් මේජර්වරයෙක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබේ.

එම සිද්ධිය (15) ඊයේ වාර්තා විණි.

ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේ මෝටාර් සහ බර අවි යොදාගෙන එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව ජම්මු ප්‍රදේශයේ සිටින ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Related posts

මියන්මාර් පොලීසිය තම පියා වෙත දිව යමින් සිටි 7 හැවිරිදි දැරියක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

Admin

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

colombotoday

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin