5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා වලට අදාළ ප්‍රතිඵල අද(17) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ එම ප්‍රතිඵල ලේඛනය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට බාරදී ඇති බවයි.
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වුණි.