Colombo Today Local News

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) දිනයේ දී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය යෝජනා ලබන නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මෙවර අයවැය මඟින් දේශීය අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

colombotoday

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

බාල වයස්කාර දැරියක පැහැරගත් නඩුව ඉල්ලා අස්කරගනී – ඇමැති රාජිත නිදහස්

colombotoday