Colombo Today Local News

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

පසුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙස පාර්ශව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට හා ජපානයට ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට ඇත.

නැගෙනහිර පර්‍යන්තය විශාල නෞකාවන් සදහා ඉදිවෙන පර්‍යන්තයකි.ඒ සදහා අවශ්‍ය වන්නේ විශාල හා දිගින් වැඩි දොඹකරයි.නමුත් මෙරටට රැගෙන ආ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ඇණවුම් කරන ආන්දෝලනයකට තුදු දෙන දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කිරීම සදහා නුසුදුසු දිගින් අඩු විශාල නෞකාවල බහාලුම් ගොඩ බෑමට තරම් ප්‍රමාණවත් නොවන බවට වරාය ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.

එමනිසා මෙම දොඹකර ජය බහාලු පර්‍යන්තයට සවි කිරීම වඩාත් යෝග්‍ය බව වරාය ඉංජිනේරුවන් ප්‍රකාශ කර තිබේ.නමුත් නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයටම සවි කරන ලෙසට වරායේ සේවකයින් පවසති.

වරායේ නිලධාරීන් මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු බව කියද්දිත් මෙසේ සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වරාය වෘත්තීය සමිති විසින් වරායේ දූශිත නිලධාරීන් ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ඒ පිලිබදව තාම හෙලිකර නැත.

වෘත්තීය සමිති මෙසේ ප්‍රකාශ කරද්දී නිලධාරීන්ද වෘත්තීය සමිති නායකයින්ට සමාගම් විසින් නැගෙනහිර පර්‍යන්තයේ සිද්ධි‍ය විශාල අර්බුදයක් දක්වා රැගෙන යාම සදහා මුදල් ගෙවා ඇති බවට පෙරලා චෝදනා කර ඇත.

මෙලෙස අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නේ කවුරුන්ද හා මෙසේ දුෂිත නිලධාරීන් හා මුදල් ලබා ගත්තායැයි කියන වෘත්තීය සමිති නායකයින් කවුද යන්න පිලිබදව සොයා බැලීම සදහා පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් විවිධ පාර්ශවයන් විසින් ඉල්ලීමක් සිදුකර ඇත.

Related posts

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday

අප්‍රේල් 13 සිට 17 දක්වා ඥානසාර හිමි බැහැදැකීමට අවස්ථාව

colombotoday

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

ඇවන් ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

colombotoday

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday