Colombo Today Local News

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08)දින නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Related posts

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

colombotoday

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

colombotoday

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

colombotoday

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday