රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා දුරුතු පුන් පොහොය වන අද (12 දා) සිල් සමාදන් වීමට තීරණය කර තිබේ.
මන්ත්රීවරයා මේ බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔහුගේ නම පොහෝ දින සිල් සමාදන් වන රැඳවියන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට ද ඊයේ පියවර ගෙන තිබිණි.