Colombo Today Local News

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

සේවා ගිවිසුම්විගමණික ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූ සේවා ගිවියුම් අත්සන් කිරීමේ ඒකකය අද (2015-10-31) සිට අහෝසි කරන බව මාධ්‍ය ප‍්‍රකාශක, ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ, නීතීඥ උපුල් දේශප‍්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව කාර්යංශයේ තලාහේනේ පිහිටි සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ප‍්‍රධාන එ්කකය , දිස්ති‍්‍රක් හා පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථාන වල රැකියා ගිවියුම් අත්සන් කිරීමේ ඒකක ද හෙට සිට අහෝසි වේ.

මීට පෙර කාර්්‍යාංශයේ නිළධාරීයෙකු ඉදිරියේ අත්සන් කළ මෙම ගිවිසුම්, මින් පසුව අදාල ශ‍්‍රමිකයා හා රැකියා නියෝජිතයින් අතර පමණක් සිදු කෙරේ. විදේශ ගත වීමේදී සලකා බලන සේවා ගිවිසුම් නීතිය මේ අනුව තවදුරටත් ක‍්‍රියාත්මක කෙරෙන බවද එහි සඳහන් කරයි.

සේවා ගිවිසුම් අත්සන් කිරීමේදී ශ‍්‍රමිකයින්ට සිදුවන විවිධ අපහසුතාවයන් සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව සේවා ගිවිසුම් අත්සන් කිරීම සඳහා හෙටින් පසුව, විදේශ ගතවන ශ‍්‍රමිකයා හා රැකියා ඒජන්සියේ නියෝජිතයා කාර්යාංශයට හෝ එහි පළාත් විගමණික මධ්‍යස්ථාන වලට පැමීණිමට අවශ්‍ය නොවේ. අදාල ගිවිසුම්, රැකියා ඒජන්සියේදී අත්සන් කල හැකි වන අතර , අවසන් අනුමැතිය ලබා ගැනීමේදී එලෙස අත්සන් කළ ගිවිසුම් අවශ්‍ය වේ.

වැඩබිම

Related posts

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday

අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට දඹුලු විහාරයෙන් ඉඩමක්

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin