Uncategorized

වද සැත්කම් චූදිත දොස්තර ගැන මව්වරුන් දෙදෙනෙකුගෙන් පැමිණිළි !!

චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ⁣ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනක් අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.

වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගැනීම සිදුවිය.

තමන් විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කම්වලින් යළි ගැබ් ගැනීමක් සිදු නොවූ බව ඔවුන්ගේ පැමිණිලේ සඳහන්ය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී තමන්ට සිසේරියන් සැත්කම් කළේ මේවනවිට වඳ සැත්කම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා වූ බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමේදී තමන්ව වන්ධ්‍යකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව නම සඳහන් කිරීමට අකැමැති වූ එම කාන්තාවෝ දෙදෙනා ප්‍රකාශ කළහ.

එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

colombotoday

තිලක්, මලික් ඉවතට, ඇමති සංශෝධනයක් සමග අලුත් මුහුණු කැබිනට්ටුවට…

colombotoday