World

ලෝක බලවතා භූගත බංකරයක සැගවේ ධවල මන්දිරයේ ආරක්ෂක මුරකුටි වලටත් ප්‍රහාර

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට සිදුවූ බවට වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප් ගේ ආරක්ෂාව භාරව කටයුතු කරන විශේෂ රහස් ඔත්තු ඒකකයේ නිලධාරීන් විසින් එලෙස ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඔහුව හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබේ.

ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

2001 වර්ෂයේ සැප්තැම්බර් මස (11) වෙනිදා අල් කයිඩා සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තත්ත්වයෙන් පසු ධවල මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ විසින් පියවර ගනු ලැබුවා. ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයත් සමග ඇතිවූ විරෝධතාවයන් සමගයි.

ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය සමග එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට රැකියාව අවසන් කොට පිටව යාමේදී සහ නැවත සේවයට පැමිණීමේදී ඔවුන්ට ලබාදී ඇති අවසර පත්‍රයන් සඟවා ගෙන එන ලෙසට නියෝග කර තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් අද 06 වන දිනටත් අමෙරිකාවේ ප්‍රාන්ත රැසක දියත් වෙමින් තිබේ.

Related posts

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

‘කටාරය සමග සබඳතා අතහරින්න.. අරාබි රටවලට බලපෑම් කරේ මමයි‘ – ට්‍රම්ප්

colombotoday

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

colombotoday

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත, ලොවට කියන්න ගිය මියන්මාර් සුරූපිණියට වෙච්ච දේ (Video)

colombotoday