World

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

‘ලෝ ප්‍රකට’ චොක්ලට් වර්ගයක් වන ‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම හේතුවෙන් ‘යුරෝපයේ දක්ෂිණාංශිකයන්’ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ. 

‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම සාහසික ක්‍රියාවක් යැයි ද ‘යුරෝපයේ අන්ත දක්ෂිණාංශික සාමාජිකයෝ චෝදනා කරති. 

ත්‍රිකෝණාකාර හැඩයෙන් පැමිණෙන ටොබ්ලරෝන් චොක්ලට් වර්ජනය කරමු යැයි අන්තර්ජාල පරිශීලකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ටොබ්ලරෝන් යනු ලොව ජනප්‍රියතම චොක්ලට් වර්ගයකි. 

ස්විට්සර්ලන්තයේ ටැබ්ලොයිඞ් පුවත්පතක් වන ‘බ්ලික්’ පුවත්පත ‘ටැබ්ලරෝන් දැන් හලාල්’ (ටැබ්ලරෝන් ඊස් නව් හලාල්) පසුගිය ඉරිදා ලිපියක් ද පළ කර ඇති අතර එය බොහෝ පිරිසක් කුපිත ගැන්වීමට හේතු වී ඇතැයි ද පැවසේ. 

ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂය (විකල්ප) ප්‍රකාශක යර්ග් මෝතන් තම ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහනක් තැබීමත් සමඟ හලාල් විරෝධී රැල්ල තවත් තීව්‍ර විය. 

“ජර්මනියේ හෝ යුරෝපයේ හෝ ඉස්ලාමීයකරණය සිදු වන්නේ නැහැ” යනුවෙන් ටොබ්ලරෝන් චොකලට්ටුවක ඡායාරූපයක් ද ඇතිව ඔහු උපහාසාත්මකව සඳහන් කර තිබිණි. 

“එම නිසා එය සත්‍ය වශයෙන්ම එක විට සිදුවීමක්. එහි එය සඳහන්ව තිබෙනවා. සුප්‍රසිද්ධ චොකලට් දැන් ‘හලාල්’ ලෙස සහතික කරලා” යැයි ද ඔහු සඳහන් කර තිබිණි. 

අරාබි භාෂාවෙන් හලාල් යනු අවසර ඇත යන්නයි. කුරානයේ සඳහන්ව ඇති ඉස්ලාමීය නීතිය යනු මුස්ලිම් ජාතිකයන්ට කළ යුතු හා නොකළ යුතු දෑ පිළිගන්නා හා නොපිළිගන්නා දෑ ද එමගින් දක්වා ඇත. 

ඬේලිමේල් ඇසුරිනි

Related posts

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් මුගටින්ගේ සිරුරේ | ඩෙන්මාර්ක් මිනිසුන් 12කට දැනටමත් ආසාදනය වෙලා

colombotoday

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

Admin

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday