Colombo Today Local News

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීති විරෝධි කටයුතු පිළිබඳව මහජන අදහස් ලබන 30 වන දිනට පෙර ලබා දෙන ලෙස මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව දැනුම් දෙයි.

මහ බැංකු අධිපතිවරයා විසින් පත් කළ අදාළ කමිටුව ඊයේ (22)දින දෙවන වරටත් රැස්වූ අතර එහිදී අදාළ කමිටුව මහජන අදහස් ලබා ගැනීමට තිරණය කර තිබේ.

ඒ අනුව මුදල් ව්‍යාපාර සහ මුල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධ මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට සිවිල් සංවිධානවලට සහ මුල්‍ය ආයතනවලට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව,නොම්බර 30 ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ එක ලිපිනයට එම දැනුම්දිම් ලිඛිතව සිදුකළ හැකි වෙයි.

ඊට අමතරව [email protected] හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ට ද යෝජනා හා අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් ව්‍යාපාර සහ මූල්යට කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව සඳහන් කරයි.

Related posts

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

colombotoday